හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

31 January 2014

සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) Milestones of Warfare (Part Two)

50 Weapons That changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි
  මේ ලිපියේ පළමුවැනි කොටසේදී,  මා ඔබට විස්තර කළා, ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අදද පවතින, යුද්ධයේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි, කාලීනව සොයාගන්නා අවි වලින්, කෙබඳු ආකාරයක බලපෑමක් ඇතිවුවාද යන්න. අද මා හැඳින්වීම මෙපමණකින් නවතා, තවත් අවි ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ලිපියෙන් අවි පහක් ඔබට ඉදිරිපත් කළා. අද හයවැනි අවියෙන් පටන්ගන්නවා. 
6. අශ්ව රථය - The Chariot
 20100901_9a52484a246e3f421ff6mjU0ifpwz24Q    සංග්‍රාම භූමියේදී ඉතා වැදගත් වන සාධකයක් වන්නේ ක්ෂණිකව එහා මෙහා ගමන් කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම සතුරා හඹාගොස් පහරදීමේදී වේගය ප්‍රබල සාධකයක්. ඒ අවශ්‍යතා සම්පූර්ණ කරමින් සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළ සොයාගැනීමක් ලෙස යුද්ධ අශ්ව රථය හඳුන්වන්න පුළුවන්. අශ්ව රථය, ප්‍රථම වරට, මහා පරිමාණයෙන් යොදාගනු ලැබුවේ, නයිල් නිම්න ශිෂ්ටාචාරයේදීයි. ඇසිරියන් අශ්ව රථ ලෝකය හෙල්ලූ අවධියක් තිබුණා.
7. සෑදල පා පටිය - The Stirrup
 7 Stirrup   අපේ රටේ අශ්වයන් භාවිතය තිබෙන්නේ, ගණන් ගත නොහැකි තරම් පහළ මට්ටමක නිසා, අශ්වයන් පිට යාම ගැන, අපට තිබෙන්නේ ඉතා සුළු අත්දැකීම්. මමත්, ආසාවට අශ්වයන්ගේ පිටේ ගිහින් තිබෙන්නේ, දෙවරක් පමණයි, පොලීසියේ යාලුවෙකුට පින්සිද්ද වෙන්න. අශ්වයන් හීලෑ කරගැනීම, මිනිසා විසින් කර තිබෙන්නේ, ක්‍රිස්තු පූර්ව 4000 ටත් එහාදී බව, ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත්, සෑදල පා පටියට, එතරම් දිග ඉතිහාසයක් නැහැ. සාමාන්‍යයෙන් සැළකෙන්නේ එය නිපදවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 700 දී පමණ කියායි.
   මොකක්ද මේ සෑදල පා පටියෙන් ඇති ප්‍රයෝජනය. ඇත්තටම එය තේරුම්ගන්න නම්, අශ්වයන් පිට යාම ගැන මූලික අවබෝධයක් තිබෙන්නේ ඕනේ. ඔබෙන් බහුතරයකට ඒ අවබෝධය තිබෙනවා රූපවාහිනියේ සහ සිනමාවෙන් දැකීමෙන්. අශ්වයකු පිට නිකම්ම වාඩිවී ගමන් කිරීම අමාරුයි. බිම වැටෙන්නේ ඇති ඉඩකඩ බොහොමයි. අශ්වයාටත් එය අපහසුවක්. ඒ නිසයි සෑදලයක් පාවිච්චි කරන්නේ. ඔබ දැක ඇති, අශ්වයාගේ පිටට නගින්නේ සහ බහින්නේත්, අශ්වයා පිට යනවිට දෙපා රඳවා තබාගන්නේත්, සෑදලයට සවි කළ සම් පටියක ඇති, ලෝහ හෝ සමෙන් සැකසූ කාදුවකට හෙවත් රාමුවකට, කකුල තැබීමෙන් බව. එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Stirrup යනුවෙන්. සිංහල තනි වචනයක් නම් මට ලැබුණේ නැහැ. ඉතින් මොකක්ද මෙය යුද්ධයට ඇති සම්බන්ධය. යුද පිටියේදී, වේගයෙන් අසුපිට යන්නට නම්, සමබරතාව අතිශයින් වැදගත්. එහිදී මේ උපකරණයෙන් විශාල සේවයක් ඉටුවෙනවා. අශ්වයාගේ සම්පූර්ණ ජවය යොදා, වේගයෙන් සහ පහසුවෙන් ගමන් කිරීමට හැකිවෙනවා. 
8. ගිනිවිජ්ජුම්බරය - Greek Fire
8 Greek Fire    මේ අවිය ගැන තිබෙන විස්තරය කියවුවාම, මගේ හිතට එකවරම ආව වචනය තමයි, 'ගිනිවිජ්ජුම්බරය' කියන එක. අපි එදිනෙදා කතාබහේදී කියනවානේ 'හපෝ එතන එකම ගිනිවිජ්ජුම්බරයක්' කියලා. ඒ කියන්නේ මහා පරිමාණ සටනක් කියන එකයි. ටිකකට හිතන්න, අපේ ගෙදර වහලේ උඩට, කිසියම් යාන්ත්‍රික උපක්‍රමයකින්, මහා ගිනිබෝල එවනවා කියලා. ඉතින් එතකොටත් ඇතිවෙන්නේ ගිනි විජ්ජුම්බරයක් නේද. සතුරු කඳවුරු, සතුරු බලකොටු, වෙත, යාන්ත්‍රික උපක්‍රමයක් මගින්, දැල්වෙන ගින්නක් සහිත, බැරල් වැනි භාජන විදීමට සකසාගත් උපකරණයකට තමයි, Greek Fire කියන්නේ. රෝම අධිරාජ්‍යය පැවති අවධියේදී මේ අවිය පාවිච්චි කොට තිබෙනවා බහුල වශයෙන්. 

9. යාන්ත්‍රික කාලතුවක්කුව - Mechanical Artillery
 9 Mechanical Artillery    කාලතුවක්කු ගැන දැනට සෑහෙන කලකට ඉහතදී මා ඔබට කියාදුන්නා. ඔබෙන් බොහෝදෙනෙක් කියා තිබුනා ඒ ලිපි මාලාවෙන් කාලතුවක්කු ගැන හොඳ දැනුමක් ලැබුණු බව. ඒ ලිපි මාලාව ආරම්භයේදීත් මම ඔබට කියාදුන්නා මේ යාන්ත්‍රික කාලතුවක්කු ගැන. අමතක නම් මෙතනින් බලන්න. යාන්ත්‍රික කාලතුවක්කුවක විශේෂත්වය වන්නේ එය කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් හෝ එවැනි ගිනි බලයක් යොදා නොගැනීමයි. ඉතා බර අධික ලෝහ බෝල, ගල්, වැනි දෑ යාන්ත්‍රික උපක්‍රමයකින් ඈතට විදීම තමයි මේ යාන්ත්‍රික කාලතුවක්කු වලින් සිදුකෙරුණේ. Trebuchet ට්‍රෙබුශේ යනු එවැනි එක යාන්ත්‍රික කාලතුවක්කුවක් හැඳින්වූ නම. මේවාත් ග්‍රීක - රෝම අධිරාජ්‍ය සමයේදී භාවිත කළ අවි ලෙස සැලකෙන අතර එමගින් සංග්‍රාමයට නව ජවයක් ලැබුණා. 
10. වෙඩි බෙහෙත් - Gunpowder
10 Gunpowder     වෙඩි බෙහෙත් සහ යුද්ධය අතර තියන සම්බන්ධය, හරියට අර අමුඩය සහ පස්ස පැත්ත අතර තියන සම්බන්ධය වගේ නේද? ඇත්තටම සංග්‍රාමය කියන ක්‍රියාකාරකමේ අර්ථය පරිපූර්ණ වූයේ, වෙඩි බෙහෙත් නිසා බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 12 වැනි සියවසේ දී කහ මුහුදේ සිට රුසියාවේ ස්ටෙප් තණබිම් දක්වා සිය ආධිපත්‍යය පැතිරවූ කුබ්ලයි ඛාන් අධිරාජයා සංග්‍රාමික කටයුතු සඳහා මහා පරිමාණයෙන් වෙඩි බෙහෙත් යොදා පුපුරන ද්‍රව්‍ය සෑදූ බව ප්‍රකටව පවතිනවා. අද වනවිට යුද්ධයේ තීරණාත්මක සාධකයක් වන ගිනි බලයේ ආරම්භය, එළෙස සිදුවී තිබෙනවා. 

11. පිපිරවීම් - Mines
     සාම්ප්‍රදායික යුද්ධ ක්‍රමයේදී - Conventional Warfare  ලෝකයේ ඕනෑම හමුදාවක් ගත්තම, සටන් භූමියට මුලින්ම පිවිසෙන රෙජිමේන්තුව මොකක්ද? මොකක් කියලද හිතන්නේ? කාලතුවක්කු? කමාන්ඩෝ? පාබල? විශේෂ බලකාය? අම්මපා කාන්තා බලකායද දන්නෙත් නෑ....................? ඔය කවුරුවත් නෙවෙයි 'ඉංජිනේරු බලකාය' Engineers Regiment' තමයි මුලින්ම යුද පිටියට යන්නේ. හිතන්නවත් බැහැ නේද? මොකද එයාලා කරන්නේ? එක වාක්‍යයකින් කියන්නද? ලෝකය පුරාම, ඉංජිනේරු රෙජිමේන්තුවේ භූමිකාව සහ කාර්ය භාරය - (Role and Task) හඳුන්වන්නේ මෙහෙමයි.
  'තමන්ගේ (මිතුරු) හමුදාවේ ඉදිරි ගමනට අවශ්‍ය, සියළුම ආකාරයේ සැකසුම් හා පහසුකම් සළසා දෙන අතර, සතුරාගේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා අවශ්‍ය, සෑම උපක්‍රමික පියවරක්ම ගැනීම' 
 ad36ec59-32e2-4306-ba58-1ea50b580b8f  කොහොමද ඒක කරන්නේ. අපි හිතමු, අපිට ගමන් කරන්න තිබෙන මාර්ගයේ ගඟක් තියනවා කියලා. ඉංජිනේරු බලකාය තමයි, වහාම එතන පාළමක් (Bailey Bridge) ඉදිකරන්නේ. අපේ ඉදිරි ගමනට බාධක වශයෙන් තිබෙන, ලොකු ගල් පර්වත, මහා ගස්, පුපුරවලා, පාර හදලා දෙන්නේ ඉංජිනේරු රෙජිමේන්තුව. මෙන්න මේ පිපිරුම් විශේෂඥ දැණුම, විවිධාකාරයෙන් පාවිච්චි කරනවා. අපිට පසු බහින්න වුනොත්, සතුරාට අර අපි හදපු පාළමෙන් මෙගොඩ වෙන්න බැරිවෙන්න, ඒක පුපුරවලා දානවා. මහ ගස් ගල් පාරට වට්ටවලා, පාර අවහිර වෙන විදිහට පිපිරවීම් සිදුකරනවා. මේ විදිහටම පිපිරුම් උපක්‍රම මගින් යුද වාහන පුපුරවා දැමීම විතරක් නෙවෙයි, බිම් බෝම්බ සහ මර උගුල් (Booby traps) ඇටවීමත්, ඉංජිනේරු රෙජිමේන්තුව කරනවා. සතුරු කඳවුරු වටා ඉදිකර ඇති, තාප්ප, වැටවල්, බිම්වෙඩි, පුපුරවා දමන්නත් ඉංජිනේරුවෝ හරිම හපන්නු. ඉතින්, මේ පිපිරවීම් ගැන දැණුම වර්ධනය වීම, සංග්‍රාමය නව මගකට ගන්නට සමත් වුණා. 
12. වැට කඩුළු බිඳින්නා - The Siege Gun
12 Siege Guns    ආරක්ෂාව සඳහා වැට කඩුළු බැඳ ගැනීම, මානව ශිෂ්ඨාචාරයේ ඈත අතීතයේ පටන් කරන දෙයක්. ඈත අතීතයේ තිබුණු ගමක, ගෙවල් සාදා තිබුණෙත්, කවයක හැඩයට පිහිටන්නයි. එයින්, නිකම්ම ගම බලකොටුවක් බවට පත්වෙනවා. මුලදී මෙහෙම කළේ වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. නමුත් පසු කාලයේදී, සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉතා ඝනකමට ඉදිකළ, උස් තාප්ප, කොටු පවුරු, ඉදිකෙරෙන්නට වුණා. එවැනි බලකොටුවකට පහර දීම එතරම් පහසු ක්‍රියාවක් වුනේ නැහැ. අහලා තියනවා නේද, විජිතපුර බලකොටුවේ දොරටුව බිඳින්නට ගිය, කණ්ඩුල ඇතාගේ පිට ට, කොටු පවුර උඩ ඉඳලා, සතුරෝ උණු ලෝ දිය වක්කරා කියලා. කොටු පවුරකට ඉනිමං තියලා නැගලා සටන් කිරීමත්, මුලදී සිදුවුණා. නමුත් එයින් වූ ජීවිත හානිය වැඩියි. තුවක්කු පිලිබඳ දැනුම දියුණුවත්ම, මිනිසා, කොටු පවුරු බිඳීම සඳහා විශේෂ කාලතුවක්කුවක් නිපදවනු ලැබුවා. එයින් මහා විශාල උණ්ඩයක් කෙටි දුරකට රැගෙන යනවා. එයින් මහ කොටු පවුරු බිඳින්නට හැකිවුණා. බලකොටු තනාගෙන යුද්ධ කළ, මධ්‍යකාලීන යුගයේදී, මේ තුවක්කුව සංග්‍රාමයට විශාල බලපෑමක් එල්ල කළා. 
13. ජල තරණයෙන් දිග් විජය - The Frigate
     
13 Frigate     සංග්‍රාමික කාර්ය භාරය උදෙසා, ජල තරණය වැදගත්වන බව, මිනිසා අවබෝධ කරගත්තේ, 15 වැනි සියවසේදී පමණ සිටයි. ඊට පෙර, ජල තරණය, ප්‍රාදේශීය මට්ටමෙන් තිබුණත්, මහා සේනාංක, ජල යාත්‍රා මගින්, අවශ්‍ය ස්ථාන වලට ප්‍රවාහනය කර, ආක්‍රමණශීලී ක්‍රියා කළහැකි බව මිනිසා අවබෝධ කරගත්තේ 15 - 16 සියවස් වලදීයි. 16 සහ 17 යන සියවස් වලදී ජර්මානු සම්භවයක් සහිත යුරෝපීය ගෝත්‍ර සහ තුර්කි, ඊජිප්තු,  සහ අනෙකුත් ඉස්ලාම් ලබ්ධික මැද පෙරදිග රටවල් අතර, ඉන්දියානු සාගරයේ වෙළඳ බලය වෙනුවෙන් එදිරිවාදිකම් තිබුණා. එහිදී, සොල්දාදුවන් 15000 ක් රැගත් ෆ්‍රිගේට් යාත්‍රා 200 ක් ඉන්දියන් සාගරයේ සූදානම්ව සිටියා, යුරෝපීයයන් සමග, ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා. ෆ්‍රිගේට් යාත්‍රාවල, සුළු පරිමාණ කාලතුවක්කුද සවිකර තිබුණා. ෆ්‍රිගේට් යන නම එම යාත්‍රා වලට ලැබුණේත් ඒවා යුද්ධ නව වර්ගයක් නිසයි. ඒ නිසා, මෙවැනි නැව් කණ්ඩායමක්, පාවෙන හමුදාවකට සමානයි. ඒ අනුව,  ෆ්‍රිගේට් යාත්‍රාව, සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළා.
14. ජංගම කාලතුවක්කුව - Mobile Artillery
SS-Karstwehr-Bataillons, Artillerie-Ausbildung    කාලතුවක්කුව අදටත් සංග්‍රාමයේ තීරණාත්මක අවියක්. කාලතුවක්කුව නිපදවූ මුල් යුගයේදී, එය ස්ථිරව සවි කරන තුවක්කුවක් ලෙසයි තිබුණේ. ඒ කියන්නේ, යුදබිමට ගෙනගොස් ස්ථිරව සවි නොකර එය ක්‍රියාකරවන්නට බැහැ. එමෙන්ම එහි අවාසි රැසක් තිබුනා. ඉක්මණින් එහා මෙහා කළ නොහැකිවීම, පහසුවෙන් සතුරන් අතට පත්වන්නට ඉඩ තිබීම, භූමියේ තිබියදී අළුත්වැඩියා කළ නොහැකිවීම, ආදී ප්‍රශ්න තමයි තිබුණේ. නමුත්, කාලතුවක්කුව රාමුවකට සවි කර, එම රාමුවට රෝද දෙකක් සවිකර, අශ්වයන් මගින් ඇදගෙන යාමට සකස් කරගත් පසු, කාලතුවක්කු වෙඩි බලය, වඩාත් ප්‍රබල ලෙස, සංග්‍රාම භූමිය පුරා පතුරවන්නට හැකියාව ලැබුණා. මේ නිසා, ජංගම කාලතුවක්කුව සංග්‍රාම භූමියේ විප්ලවයක් කළා.
15. අතපත්තුව - The Matchlock
15 Matchlock     අතපත්තුව කිව්ව ගමන්, වැරදියට එහෙම තේරුම්ගන්න එපා, මාවන් අතපත්තුට, අතපත්තුව කියලා බැන්නා කියලා එහෙම. අපේ රටට ගිනි අවි පිලිබඳ සතුටුදායක දැණුමක්, මතක තියාගන්න, හොඳ දැණුමක් නෙවේ සතුටුදායක දැණුමක්, ලැබුනේ මහනුවර යුගයේදී. ඒ කාලේ, තුවක්කුව කියන වචනය අපේ වාග් මාලාවට එක්වෙලා තිබුනේ නැහැ. අතේ තියාගෙන, ගින්දරෙන් පත්තු කරලා, වෙඩි තියන = ගිනි පිඹින (තුවක්කු බටෙන් එළියට, පිම්බා වගේ ගින්දර පිටවීම) නිසා තමයි, මේවා අතපත්තු කියලා නම්කරන්නට, පැරණි සිංහලයා පෙළඹී තිබෙන්නේ. තුවක්කුව යන සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන මෙය, 15 වැනි සියවසේදී කරන ලද නිර්මාණයක්. ගිනි අවියක් ලෙස එකල තිබුණු අනෙක් අවි අබිභවා ගිය නිසා, මෙය සංග්‍රාමය වෙනස් කල අවියක් බවට පත්වෙනවා. මේ අවියට ඉදිරියෙන් සහ පසුපසින් Breach loading and Muzzle loading වෙඩි බෙහෙත් යොදා, සේවා නූලකට Service Code ගිනි තැබීමෙන් ලබාගත් ගිනි බලයෙන් තමයි තුවක්කුව පත්තුවුනේ. පහත දැක්වෙන වීඩියෝවෙන් තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පැහැදිළි වෙනවා.

space 2
16. ගිනි ගලෙන් ගිනි පිඹීම - The Flintlock
16 Flintlock     Flintstone කියන්නේ ගිනි ගල කියලා අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ගිනිගලක් යම්කිසි තද/රළු මතුපිටක ඇතිල්ලුනාම ගිනි පුපුරු පිටවෙන බවත් ඔබ දන්නවනේ. අර සමහර ගෑස් ලිප් පත්තු කරන්න තියෙන්නේ, පොඩි පිස්තෝලයක් වගේ උපකරණයක්, අන්න ඒක ඇතුළේත් තියෙන්නේ ගිනි ගලක්. මීට ඉහතින් දැක්වූ මැච්ලොක් Matchlock තුවක්කුවේ, ක්‍රියාකාරිත්වයේ යම් යම් අඩුපාඩු මෙන්ම, භයානක තත්වයක්ද තිබුණා. ඒ තමයි එම අවියෙන් වෙඩි තැබීම සඳහා පාවිච්චි කරන කළු වෙඩිබෙහෙත් Black Powder ඉතා සුළු අත්වැරදීමකින් පවා පහසුවෙන් ගිනිගෙන පුපුරා යාමට ඉඩ තිබීම. ඇත්තටම එවැනි අනතුරු රාශියක් සිදුවුණා. (අහලා තියනවද 'කළු කුඩු බස්නේ දෙනවා' කියලා කතාවක්. බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසු අපේ සමාජයේ පැතිරී තිබුණු, වෙඩි බෙහෙත් කොටා වෙඩි තබන තුවක්කු වලට යෙදුවේ මේ කළු වෙඩිබෙහෙත්. ඉතින් එකල ගැමියන් කළු කුඩු බස්නේ දෙනවා යන්නෙන් අදහස් කළේ වෙඩි තබා මරා දමනවා යන්නයි) මේ අනතුරුදායක තත්වයෙන් තොරව වෙඩි තැබිය හැකි තුවක්කුවක් ලෙස ෆ්ලින්ට්ලොක් - Flintlock තුවක්කුව හඳුන්වන්න පුළුවන්. 15 වැනි සියවසේ ග භාගයේදී නිපදවන ලද මේ නව ගිනි අවිය යුද බිමේ විප්ලවයක් කරන්නට සමත් වුණා. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පහත වීඩියෝ දෙකෙන් බලන්න. 



17. ඇදලා අරන් ඇනලා ඇදීම - The Bayonet
  17 Bayonet     මේ ලිපි මාලාවේ මුලදීම සඳහන් කලාක් මෙන්, අතීතයේදී යුද බිමේ සතුරා මුණ ගැසුනේ, මුහුණට මුහුණ ලා සටන් කරන තරම් සමීපව සිටයි. තුවක්කු මගින් සටන් කිරීමීදිත්, අදටත් යුද බිමේදී සතුරා මුහුණට මුහුණ හමුවන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා වලදී වෙඩි තැබීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. එක්කෝ සතුරා අපේ ඇඟට කඩා පනිනවා. නැත්නම් අපිට සිදුවෙනවා සතුරාගේ ඇඟට කඩා පැන ඔහු මෙල්ල කරන්නට. නැතහොත් මරා දමන්නට. මේ සඳහා සුදුසු වන්නේ පිහියක් වැනි, අනිනන්නට සුදුසු ආයුධයක්. අන්න ඒ අඩුව පුරවන්නට නිපදවූ අවියක් ලෙස බයිනෙත්තුව - Bayonet ඉතා වැදගත් තැනක් ගන්නවා. අදනම් බයිනෙත්තු සටන් නැත්තටම නැති තරම්. ඊට වඩා 'දියුණු ක්‍රම' තිබෙන නිසා. නමුත් තුවක්කු බටයට සවිකරගෙන හෝ ගලවා අතට ගෙන පාවිච්චි කළහැකි බයිනෙත්තු අදත් තියනවා. ඉස්සර නම්, නිළ ඇඳුමේ බඳපටියේ සවිකළ කොපුවක ඇති බයිනෙත්තුව, ඇදලා අරන් ඇනීම තමයි සිදුකළේ.  නමුත් පසුකාලීන බයිනෙත්තුව, තුවක්කුවේ බටයේ කෙළවරට සවිකර ගැනීමට හැකියි. එවිට, හෙල්ලකින් අනිනවාක් මෙන් අනින්නට පුළුවන්. හමුදා මූලික පුහුණුවේදී, සොල්දාදුවන්ට, බයිනෙත්තු සටන් උගන්වනවා. දෙවැනි ලෝක යුද සමයේදී, බයිනෙත්තුව ඉතා බහුලව පාවිච්චියට ගැණුනා. බයිනෙත්තුව සංග්‍රාමයට දැඩි වෙනසක් එක්කල අවියක්.
18. දමාගසන මරණය - The Hand Grenade
 18 Hand Granade      'චීන පටස්' කියන වචනය අහලා තියනවද? අපි කුඩා ළමුන් කාලේ (1950 දශකයේ අග සහ 1960 දශකයේ මුල)  සිංහල අවුරුදු කාලෙට පත්තු කරන වෙඩි වර්ගයක් තමයි, චීන පටස් කියන්නේ. මේ වෙඩි සකස්කර තිබෙන්නේ, මනෝසීල නමැති වෙඩිබෙහෙත් වර්ගය, කංහැන්දක් පමණ ප්‍රමාණයක්, එකක් ඝන සෙන්ටි මීටරයකටත් වඩා අඩු, කුඩා තිරුවානා ගල් තුනකට මැදිකර තබා, ටිෂූ කඩදාසි වලින් ඔතා, කුඩා දෙහි ගෙඩියක ප්‍රමාණයේ බෝලයක් සෑදීමෙන්. මෙය, පොළොවේ හෝ බිත්තියක් වැනි තද මතුපිටකට දමා ගැසුවොත්, රතිඥ්ඥයක් පුපුරන තරම් හඬකින් පුපුරා යනවා. ඇඟට වැදුනොත් සුළු තුවාල වෙන්නත්, ඇසකට වැදුනොත් ඇස අන්ධ වෙන්නත් පුළුවන්. කිසියම් කුටීරයක් container තුළ වෙඩි බෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය අඩංගු කර, නිශ්චිත් ඉතා සුළු වෙලාවක් තුළ පුපුරායාමට සකස්කර ඇති අත්බෝම්බය Hand Grenade මිනිසා විසින් නිපදවන ලද භයානක අවියක් ලෙස හඳුන්වන්නට පුළුවන්,සතුරා වෙත රහසින් ළංවී, සතුරු බංකර්, අවි/පතරොම්/වෙඩි බෙහෙත් ගබඩා, වැදගත් පුද්ගලයන්, වෙත ක්ෂණිකව මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සඳහා, අත්බෝම්බය මහත් පිටුවහලක් වෙනවා. අත්බෝම්බය ගැන මා මීට පෙර ඔබට කියාදුන්නා මතකද? ඉතින් අත්බෝම්බය එදත් අදත් සංග්‍රාමයේ වැදගත් සාධකයක්.

19. අහසින් පාත්වන මාරයා - Explosive Shells
19 Explosive Shells      අත්බෝම්බයකට වඩා විශාල බෝම්බ සෑදිය හැකි බවත්, ඒවා කාලතුවක්කු උණ්ඩ, මෝටාර් උණ්ඩ, ගුවනින් හෙලන බෝම්බ, ආදී විවිධ වේශයෙන් පාවිච්චි කළහැකි බවත්, මිනිසා සොයාගත්තේ, 19 වැනි සියවසේ මුල්භාගයෙදීයි. අද එය කොපමණ දියුණුවී පවතින්නේද යන්න, මම මීට පෙර ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා. ඝන ආවරණයක් තුළ, විවිධ පුපුරන ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ, ඇටවුමක් සකසා, එය තම අභිමතය පරිදි පුපුරා යාමට සැලැස්වීමේ ක්‍රියාවලිය, ලෝක යුද ඉතිහාසයට එක්වූ නවතම සංකල්පයක් මෙන්ම, අද දක්වාම යුද්ධයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා. මෙය දිනෙන් දිනම වැඩි දියුණු කරමින් පවතින අවි ප්‍රබෙදයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. න්‍යෂ්ටික බෝම්බ සහ විද්‍යුත් බෝම්බ මෙහි අග්‍ර ඵලයයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. 






20. කාර්ක්‍ෂම සේවකයා - Minie Rifle
     මේ තුවක්කුවේ නම උච්ඡාරණය කරන්නේ 'මිනියේන්' යනුවෙන්. එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයක්. මේ තුවක්කුවට ඒ නම ලැබී තිබෙන්නේ, 19 වැනි සියවසේ මැද භාගයේදී, මේ තුවක්කුව නිපදවූ, ප්‍රංශ ජාතික හමුදා කපිතන් මිනියේන්  සිහිවීම පිණිසයි. මේ තුවක්කුවේ විශේෂත්වය කුමක්ද? මුල් කාලයේදී ලෝකයේ බහුලව භාවිතවූ තුවක්කු වර්ගය තිබුනා 'මස්කට් - Musket' යනුවෙන් හැඳින්වෙන. (අර ස්වීට් හවුස් වලින් ගෙනල්ලා කන Muscat නෙවෙයි ඈ) මේ තුවක්කුවේ විශේෂත්වය වන්නේ එතෙක් කල් පාවිච්චි කළ මූනිස්සම් වෙනුවට ඊයම් වලින් සැකසු තනි උණ්ඩයක් මේ මගින් වෙඩි තැබීමට හැකිවීමයි. එවැනි උණ්ඩයකින් සතුරන්ට අත්වුයේ භයානක ඉරණමක් වන අතර, විනාඩියකට වෙඩි තැබිය හැකි වාර ගණනද මැච්ලොක් සහ ෆ්ලින්ට්ලොක් තුවක්කු වලට වඩා වැඩි වුනා. නිරවද්‍යතාවද ඉහළ මට්ටමක පැවතුණා. ලෝක සංග්‍රාම වලදී කැපී පෙනෙන වැදගත් අවියක් ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා. මීට සමාන අවියකින් වෙඩි තියන හැටි පහත දැක්වෙන වීඩියෝවෙන් බලන්න.

මේ වනවිට අපි අවි 20ක් පිළිබඳව සාකච්ඡා කර අවසන්. මීළඟ කොටසේදී තවත් අවි වර්ග ගැන සලකා බලමු.
ඡායාරූප ලබාගත් මූලාශ්‍ර
  • http://en.wikipedia.org/wiki/List_of_common_World_War_II_infantry_weapons
  • http://en.wikipedia.org/wiki/Chariot
  • http://en.wikipedia.org/wiki/Greek_fire
  • http://en.wikipedia.org/wiki/Gunpowder
  • http://en.wikipedia.org/wiki/Explosive_mine
my-signature-for-blog[1]      2014 ජනවාරි මස 31 දින 1356 පැය

48 comments :

  1. ඔව් වෙනදා වගේම අදත් “පසුව කියවමි විචා“...

    ReplyDelete
    Replies
    1. හදිසියෙන් කියවලා වැඩක් නැහැ. හෙමින් කියවලා බලලා අදහස් දක්වන්න.

      Delete
  2. මෙච්චර අවි මොකටද විචාරක තුමෝ....? ඔයාගේ බ්ලෝග මගේ රෝලේ අප්ඩේට් වෙන්නේ පරක්කු වෙලා. අදමේ වෙන තැනකදී දැකලා ආවේ. මොකක්ද හේතුව කියලා දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අවි 50 ක් තියනවා. තවම කිව්වේ 20 යි. ඉදිරියේදී තවත් අවි 30 ක් එනවා. මගේ බ්ලොග් රෝලෙත් සමහර අඩවි දකින්න ලැබෙන්නේ ලිපියක් පලවී දවසකට පස්සේ. මටත් හිතාගන්න බැහැ ඒ ඇයි කියලා.

      Delete
    2. ඔහොම වුනාම මං නම් කරන්නෙ, ඒ බ්ලොග් එක රෝලෙන් අයින් කරල සේව් කරල; ආයෙත් ඇතුලත් කරන එකයි.. එහෙම සේව් කරද්දි "මේක ෂුවර් නෑ" කියල කිව්වොත් ලින්ක් එකේ අගට /feeds/posts/default හෝ /feeds/posts/default?alt=rss කොටස එකතු කරල ආයෙ උත්සාහ කරනවා.

      Delete
  3. දැඩි ආයසයක් ගෙන මේ ලියනා අගනා ලිපිවලට තුති විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්. සමහර ඉංග්‍රීසි වචන වලට සිංහල වචන සෙවීම තරමක් අමාරුයි. නමුත් කියවන්න යම් දැනුමක් ලබන බව තහවුරු වුනාම ඒ වෙහෙස මගහැරෙනවා.

      Delete
  4. ඉතාම වටිනවා. මේව මේ අවස්ථාව නොවේනම් සිංහල පමණක් කියවන අයට මෙතෙක් දැනගන්ට අවස්ථාවක් ඇති බවක් පෙනී ගියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සිංහල පාඨකයන් වෙනුවෙන්මයි මා මෙපමණ වෙහෙසෙන්නේ.

      Delete
  5. චීනා වෙඩි බෙහෙත් හොයාගෙන ගිණිකෙලි හදද්දී සුද්දා කරපු අපරාදය තමයි ඉතින් මේ ආයුධ.. හොද නරක දෙකම ඉතින් සමබරයි කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මට එක පාරටම මතක් වුනේ අමරදේවයන්ගේ 'ඉර හඳ පායන ලෝකේ' ගීතය. ඒ ගීතයේත් කියනවනේ 'සැප දුක සමබරවේ' කියලා. ලෝකය පුරා යුද බලය බෙදීයාමත් එක්තරා සමබර බවකින් තියෙන්නේ. එහෙම නොවුනානම් එකෙක් මුළු ලෝකෙම අල්ලගන්නවා. දැන් එකිනෙකාගේ බලයට තිබෙන බය නිසා බොරු චන්ඩි පාට් දැමීම විතරයි වෙන්නේ.

      Delete
  6. බොහෝම ස්තූතියි විචාරක..මෙවැනි දේවල් කියවන්නට හමුවෙන එකම ස්ථානය මෙතැනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු, දැණුම සොයායන කෙනෙකුට යමක් දීම සඳහායි මා වෙහෙසෙන්නේ.

      Delete
  7. ඉතාම වෙහෙසක් ගෙන ඔබ අප වෙත ලබා දෙන දැනුම් සම්භාරයට තුති විචාරක තුමනි....!
    ඇයි අප්පෝ මෙතරම් අවි තොගයක්?

    >> (අර ස්වීට් හවුස් වලින් ගෙනල්ලා කන Muscat නෙවෙයි ඈ) <<
    :) :) හෙක් ...හෙක්... එල..

    AMERICAN FRREDOM
    MADE IN CHINA නියමයි :) :)

    ReplyDelete
    Replies
    1. කොහොමද කෙන්ජි? දැන් හොඳටම සනීපද?

      ඇගයීම ගැන ස්තුතියි.

      ඔය මස්කට් ජාති දෙක පටලවාගනියි කියන බයට තමයි පැහැදිලි කළේ. අපිට නම් දැන් ඉතින් මොන මස්කට් ද? :D

      Delete
    2. කෙන්ජගෙ මොලේට මොකක් හරි බලපෑමක් වෙලා වගේ. මං දැං කීප තැනකම දැක්ක මේ හාදයගේ ආවේණික බාශා ශෛලිය උඩුයටිකුරු වෙලා...

      Delete
    3. කෙන්ජි, අනේ මෙතනම පොඩ්ඩක් දේශකයට පෙන්නනකො ඔයාගේ 'භාෂා ශෛලිය'

      Delete
  8. අර අනින තුවක්කු ඉංග්‍රීසි පාලන සමයෙදි ලංකාවෙත් පාවිච්චි උනා නේද ? මම චිත්‍රපටිවල එහෙම දැකලා තියෙනෝ.
    ඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්ඩ

    ReplyDelete
    Replies
    1. ඔව් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබුණු රටවල බයිනෙත්තුව බහුල ලෙස පාවිච්චි කෙරුණා. විවිධ හැඩයෙන් යුත් බයිනෙත්තු අදත් තිබෙනවා.

      ඉතුරු කොටස් පරිවර්තනය කරමින් ඉන්නේ. ඉක්මනින් දෙන්නම්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පින්තූරයක් දාන්නයි මම ඉහත උත්සාහය ගත්තේ. හරිගියේ නැහැ. විවිධ බනේත්තුවල පින්තූරයක් මෙතන තියනවා

      Delete
    4. බ්ලොග් කමෙන්ට් වලට පින්තූර අ&තුලත් කරන්නෙ මෙහෙමයි.

      http://nohimlokaya.blogspot.com/2012/08/blog-comment-box-video-image-comment.html

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. [im]http://pic20.picturetrail.com/VOL68/1624602/22305807/380997899.jpg[/im]

      Delete
  9. මේක බොහොම ලස්සනට පිළීවෙලට ගලා ගෙන යන ආකාරය ගැන මුලින්ම ස්තුති කරන්න ඕන. ඇත්තටම මේ ඔබ කරන්නේ ලොකු සේවයක්.. කාට හෝ දැනුමක් ලබා ගන්න අවැසි නම් මේ පිළිබදව ඔබ නිසි ලෙස වෙහෙස ගෙන එය සාර්තකව ඉටු කර තියෙනවා.

    මං අර අතපත්තුව ගැන දැනං හිටියෙම නෑ. අනික ඉස්සමර ජංගම කාලතුවක්කු අර පින්තුරේ තියෙනවා වගේ පහසුවෙන් ගෙනියන්න බැරි වෙන්න ඇති නේද? ඒකේ බටයට යට කොටස පොලවට සමබරව තබාගන්න ලොකු බරක් යොදනවා නේද??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පොත සිංහල පාඨකයා අතරට ගෙන යායුතුයි කියලා හිතලා හුඟක් කල්. නමුත් පරිවර්තනයේදී සරල වචන හොයාගනෙම හරිම අමාරුයි. ඒ නිසයි ප්‍රමාද වුනේ. දැන්නම් හිතෙනවා උත්සාහය අපතේ ගියේ නැහැ කියලා.

      ඔව් ඉස්සර කාලතුවක්කු ගැස්සීම වළක්වාගන්න විවිධ උපක්‍රම යොදා තිබුනා. අද යොදාගන්නේ අර වාහනවල ඩිකිය ඇරියම දෙපැත්තේ තියන ෂොක් ඇබ්සෝබර් වැනි උපක්‍රමයක්.

      ස්තුතියි ඇගයීම පිළිබඳව.

      Delete
    2. ඒක හරි ඒ දචස් වල මවුන්ට් කරන්න බැලුවේ. දැං ඇබ්සෝබ් කරන්න නේ බලන්නේ.. ඒ තරං පොඩි ෂෝක්ස් නං ගොඩක් ඕන ඇති නෙව විචා..

      Delete
    3. අපොයි, දැන් තියන කාලතුවක්කුවක බටේටත් වඩා මහතයි ෂොක්ඇබ්සොබර්ස්.

      Delete
  10. බලන්ට වෙලාවක් තිබුණේ නෑ විචාරක. ගෙදර නෑ.
    ඔක්කොම කියවලා එකපාර කමෙන්ට් එකක් දාන්නම්. :)

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා පහුගිය දවස් ටිකේ මොකද සද්දයක්වත් නැත්තේ කියලා. කමක් නෑ විවේක ලැබෙන පරිදි කියවා අදහස් දක්වන්න.

      Delete
  11. විචාරක තුමා, 'tirrup' මේකේ මුලට s අකුරක් තියනවා ද.. ඒ ටික මට පේන්නේ නෑ. ඒ වචනය උඩට මවුස් එක අරන් ගියාම stirrup විදිහට ඉංග්‍රීසි වචනය පෙන්වල, තේරුම විදිහට 'උඩහලුව, පාපටිය' කියල පෙන්වනවා.

    Mechanical Artillery කැටපොල් එක වාගේ නෙ.. ඇනිමේෂන් ෆිල්ම් වල හෙම දකිනවා ඔන්න ඔහොම ඒවා. 'චීන පටස්'.. කිව්වම මතක් වුනේ හක්ක පටස්..

    ස්තුතියි වටිනා කරුණු වලට..

    ReplyDelete
  12. මුලට S අකුරක් තියනවා චන්දන නිවැරදි නම Stirrup මම දන්නේ නැහැ ඇයිද කියලා S අකුර නොපෙන්වන්නේ.

    ස්තුතියි අදහස් දැක්වීම ගැන

    ReplyDelete
    Replies
    1. හරි හරි... මං පිටුව සම්පූර්ණයෙන්ම එන්න කලින් මග නවත්වනවා. එතකොට American Freedom - Made in Japan එක කොලම් එකෙන් පිට පැනල, ලිපියේ කොටසක් වහ ගන්නවා. දැන් හරි.

      Delete
  13. රූප ටික බැලුවත් නියමයි ,කොමද මෙවා ලියන්නෙ ????මාර වෙහෙසක් ගන්නවා ඇති ..අර දමා ගසන මරණය නම් හිතට ඇල්ලුවා ...ගෙම් වල ඔය වගේ එවා දැකලා තිබුණා

    ReplyDelete
    Replies
    1. වේගයෙන් කියවන අයට කෙටියෙන් තේරුම්ගන්න තමයි ජාලය පීරලා මේ පින්තූර හොයාගත්තේ. පරිවර්තන කාර්යය නම් සෑහෙන්න වෙහෙසකරයි. නමුත් කෙනෙකුගේ දැණුමට යමක් එකතුවන නිසා ලොකු සතුටක් විඳිනවා. බොහොම ස්තුතියි ඇගයීම පිළිබඳව.

      Delete
  14. වටිනා ලිපියක්.
    මනෝසීල කියන්නේ මොනවාටද? ඔය චීන පටස්වල තියෙන්නේ මනොශීල සහ පොටෑෂ් කියලා අහලා තියෙනවා. මනොශීල කියන්නේ මොනවාද පොස්පරස් වගේ දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීම පිළිබඳව. මනෝසීල කියන්නේ රතු පති ස්ඵටික ආකාරයේ වෙඩිබෙහෙත් වර්ගයක්. එහි පිපුරුම් ශක්තිය ඉතා ඉහලයි. මනෝසීල පිළිබඳව අනතර්ජාලයේ සොයා බැලීමක් කළා. ඉංග්‍රීසියෙන් දැක්වෙන නම Realgar නමුත් එය වෙඩිබෙහෙත් වර්ගයක් ලෙස දක්වන්නේ නැහැ. ගිනිගන්නා සුළු රසායනික මූලද්‍රව්‍යයක් ලෙසයි පෙන්වන්නේ. [im]http://upload.wikimedia.org/wikipedia/commons/5/52/Realgar-229713.jpg[/im]

      Delete
    2. ලස්සන ද්‍රව්‍යක් නේ මස්කට් කෑල්ලක් වගේ පෙන්නේ.
      ගිනිගන්නා සුළු රසායනික මුලද්‍රව්‍යක් නිසා පුපුරන ද්‍රවයක් වෙන්න නම් රත්වන විට වහා ඔක්සිජන් සපයන මුලද්‍රවයක් සමග කවලම් කරන්න වෙනවා. එතකොට මම අහලා තියෙන කතාව හරි.

      Delete
    3. කටේ දාලා හැපුවොත් නම් කට මස්කට් වෙලා යයි :D මෙයින් වෙඩි බෙහෙත් හදද්දී ඇන්ටිමනි සහ ෆොස්පරස් සම්බන්ධයක් තියනවා වගේ.

      Delete
    4. හක්ක පටස් වලට ගන්නෙත් ඕවා නේද? ලෝකයේ පවතින අමනුශිකම සත්වඝතන ක්‍රමය මේ ධර්මදීපයේ විතරද ඔය හක්ක පටස් තියෙන්නේ.

      Delete
    5. ඔව්, මුළු ලෝකෙන්ම ඔය ජරා වැඩේ කරන්නේ අපේ රටේ විතරයි මම හිතන්නේ. ඕවා කරන එවුන්ට යන්න වෙනම අපායවල් හදන්න ඕනේ.

      Delete
  15. නොදන්නා ගොඩක් දේ දැනගත්තා. මේක කියවුවාම මටත් කතාවක් මතක් වුනා තුවක්කු ගැන. ඉඩ තියෙන වෙලාවක ලියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුමට යමක් එකතුවුනානම් සතුටුයි. තුවක්කු කතාව ඉක්මනින් ලියන්න අපිටත් බලන්න.

      Delete
  16. පැරණි චිත්‍රපට කීපයකම මේ ආයුධ දකින්න තියෙනවා.පරිවර්තනය කර කර මෙහෙම ලියන එක ලේසි වැඩක් නෙමේ. ඒ වෙනුවෙන් විචාරකට ස්තූතියි..ඉතිරියත් ඉක්මනට දානඩෝ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පරිවර්තන කාර්යය තරමක් වෙහෙසකරයි. නමුත් ඔබ වැනි අයගේ දිරිගැන්වීමෙන් මා ඉදිරියට යනවා. බොහොම ස්තුතියි ඔබට. ඉතිරි කොටස අද පළකරනවා.

      Delete
  17. විචාරක තුමාගෙ ලිපි බොහොමයක් කියවලා තිබුනට අද තමයි කොමෙන්ටුවක් එක් කරේ. ඔබගෙ ගොඩක් ලිපි වලින් මම මගේ මතකයත් අලුත් කර ගත්තා. දිගටම මෙහෙම ලියන්න මම ඔබට සුබ පතනවා........

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කළේ නැතත් මේ අඩවිය බලන බොහෝ දෙනෙක් ඉන්න බව මම දන්නවා. ඔබේ මතකය අවදිවීම ගැන මා සතුටට පත්වෙනවා. ඇගයීම ගැන ස්තුතියි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }