වරක් එක සොල්දාදු කණ්ඩායමක් පුහුණුකර අවසානයේ දින 5 ක නිවාඩුවක් දීමට අණදෙන නිලධාරීතුමා තීරණය කළේය. නිවාඩු යාම සඳහා ඔවුන් සූදානම් වෙමින් සිටියදී එක සොල්දාදුවකු මහා හඬින් හඬනු මට ඇසුනි. මම වහාම එම සෙබලා මාවෙත රැගෙන එනමෙන් කෝප්‍රල් වරයෙකුට නියම කලෙමි. මා වෙත එද්දීද ඔහු හඬමින් සිටියේය. මම හැඬීමට හේතු විමසුවෙමි. ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය. ‘අනේ සර් මම ආමි එකට බැඳෙන්න කොළඹ ගිහින් ඉන්ටවීව් කරලා තේරුනා. ඊට පස්සේ අපිව බස් එකෙන් මහා විසාල ඉස්ටේසමකට ගෙනිහින් කෝච්චියට පටවලා දියතලාවට යැව්වා. එහෙ පුහුණුව ඉවර වුනාම බස් එකක පටවලා මෙහෙ එව්වා. අපේ ගෙවල් තියෙන්නේ බ. . . . දැන් මම ගෙදර යන විදිහ දන්නේ නැහැ’ කියමින් නැවතත් හඬන්නට විය. එක අතකට මෙය සිනහා පහල වන දෙයක් වුවද ‘පාර හොයාගෙන යනවා, තමුසේ සොල්දාදුවෙක් නේද’? කියා ඔහු එලවා දැමීම සුදුසු නොවන බව මට වැටහුණි. මම මේ තත්වය පාඨමාලා භාර නිලධාරී තුමාට දැන්වූ විට එක්වරම සිනහවූ ඔහු, ‘අපි ඒ ගමේ ඉන්න අපේ බල ඇණියේ පරණ මිනිහෙක් එක්ක මෙයා ගෙදර යවමු කියා තීරණය කළේය. අපේ සොල්දාදුවා කෝප්‍රල් කෙනෙකුගේ පිහිටෙන් යහතින් නිවාඩුගොස් ආවේය.
11 January 2012
නිළ ඇඳුමෙන් සිටි කාලේ 4
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment