ගෙදරට හොරෙන් පික්චර් එකක් බැලීම අදටත් තරුණයෙකුට කොතරම් ‘ත්‍රිල්’ එකක්ද. එය කවදත් එහෙමමයි. ඔන්න මම දවසක් හොරෙන් පැන්නා පික්චර් එකක් බලන්න. මොකක්ද පික්චර් එක? ‘ඩ්රැකියුලා’ පුහ්. . . . බලලා තියනවද ‘ඩ්රැකියුලා’? සමහරවිට ඔබ බලලා නැතුව ඇති. නමුත් මතක තබාගන්න. ‘බ්‍රැම් ස්ටෝකර්’ නමැති කතුවරයා විසින් රචිත ‘ඩ්රැකියුලා’ කතා මාලාව ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය බව. එහි ‘ඩ්රැකියුලා’ ලෙස රඟපාන ‘ක්‍රිස්ටෝපර් ලී’ නමැති නළුවා අදටත් අපේ සිතෙන් නොමැකී සිටිනවා.
ඔන්න ඉතින් මම ‘ඩ්රැකියුලා’ බලලා ගෙදර එන්න පිටත් වුනේ රෑ 9 ට විතර. අපේ ගෙදරට යන අතර මග සොහොන් පිට්ටනියක් පහු කරන්න තියනවා. ඒ කාලේ ඒ පැත්තේ විදුලි එලිය නැහැ. කට්ට කළුවරයි. මගේ අතේ කිසිම එළියක් නැහැ. තරු එළියෙන් යන්නේ. ‘නොදකින් කරගත්ත ගොන්කම’ කියලා තේරුනේ සොහොන් පිට්ටනිය ලඟට එනවිටයි. මොනවා කරන්නද. සොහොන් පිට්ටනිය ලඟට එනකොට මතක් වෙන්නේ ‘ඩ්රැකියුලා’ බෙල්ල හපලා ලේ බොන හැටි. ටිකක් වෙලා හිතලා පාර හදන්ඩ ගෙනත් දාපු ගල් ගොඩකින් ගත්තා හොඳ ගල් දෙකක් අතට. දැන් සොහොන් පිට්ටනිය දෙස නොබලා ඒ අසලින් යනවා මම. සීතල දාඩිය බින්දු නළල දෙපැත්තෙන් වැගිරෙනවා. එක පාරටම ‘සරබරාස්’ සද්දයක් ආවා සොහොන් පිටියෙන්. චූ යන්ඩ ලඟයි. මට එතනම බිම ඉන්දවුනා. මම හිතුවා හොල්මනට ගහනවා නැත්නම් මැරෙනවා කියලා. නැගිටලා ගැහුවා ගල් දෙකම හොල්මන හිටිය පැත්තට. හොල්මන කෑ ගැහුවා. ‘උම්බෑ’ කියලා. ආය කියන්ඩ ඕනේ නැහැනේ. සොහොන් පිටියේ හිටිය හරකෙකුට තමයි මම බයවෙලා තියෙන්නේ. තනියම හිනා වෙවී ගෙදර ආවා.
හයියෝ...!
ReplyDeleteනියමයි. මම අද තමයි ඉස්සෙල්ලම මේ බ්ලොගියට ගොඩවුනේ. මගේ බ්ලොගියේ Feedjit එකේ මේ බ්ලොග් එකේ නම් තිබුන නිසා පොඩ්ඩක් බැලුවේ. ඔබතුමාගේ බ්ලොගියේ බ්ලොග් රෝලට මගේ බ්ලොගියත් ඇතුලත් කෙරුවට ගොඩාක් ස්තුතියි. එල වේවා.
ReplyDelete