24 December 2011
ඉස්කෝලේ යනකාලේ
මම ශිෂ්‍යයෙක් හැටියට හිටිය කාලෙත්, ගුරුවරයෙක් හැටියට හිටිය කාලෙත්, අමතක නොවන චරිතයක් ගැනයි මේ. එතුමාගේ නම ආරියවංස. අද මම වගේම විශ්‍රාමිකයි. ඉතා උනන්දුවෙන් වැඩ කරන, තමන්ට පැවරෙන ඕනෙම වගකීමක් නැහැ බැහැ නොකියා ඉටු කරන, සරල චාම් උතුම් මනුෂ්‍යයෙක්. එතුමාගේ සමහර ඇවතුම් පැවතුම් අපිව සිනහ ගැන්වූවත්, අපි අද එතුමා දකින්නේ, ඒ සිනහව තුලින් අපව වැඩකිරීමට ආකර්ශනය කරගත් පුද්ගලයකු ලෙසයි. එක වසරක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල ලංවුනා. එතුමා ඉතා උනන්දුවෙන් වැඩ. දුරපැනීම සහ උස පැනීම කරන වලට, වැලි සහ ලී කුඩු තොගයක් ගෙන්වාගත යුතුව තිබුනා. එතුමා විදුහල්පති තුමාගේ මේසය මත ඇති දුරකතනයෙන් ඇමතුමක් ගත්තා. (ඒ කාලේ දැන් වගේ අහවල් පෝං තිබුනේ නැත) වැලි පටවන ලොරි අයිති කෙනෙකුටයි කතා කලේ. ඔක්කොම විස්තරය පැහැදිලිව කිව්වා වැලි ගෙන ආයුතූ මාර්ගයත් කිව්වා. අන්තිමට වැලමිට ලඟින් නවා තමන්ගේ දකුණු අත ඔසවා කිව්වා. “හැබැයි මුදාලාලි බලාගෙන ලොරිය අද්දන්නේ, කන්ද මේන්” කියලා. . . . . . . එතුමා වෙලාවකට බොහොම සැරයි. දිනක් එතුමා එක පන්තියකට යනවිට පන්තියේ ළමයි පාසල තුල එහෙ මෙහෙ ගිහින්. හොඳටම කෝපයටපත් එතුමා එක ළමයෙක්ව යැව්වා “ගිහින් ඔක්කොම රස්තියාදු කාරයෝ ටික හොයාගෙන එනවා” කියලා. ඒ ළමයා දුවලා ගිහින් එක එක තැන්වල හිටිය ළමයින්ට පණිවිඩේ කිව්වා. දැන් පන්තියට එන එන එකාට වදිනවා පස්ස පැත්තට කෝටු පාරක්. අන්තිමට ආපු එකාටත් වැදුනා. කොල්ලා පස්ස අත ගගා කියනවා “ඇයි සර් මමනේ පණිවිඩේ අරන් ගියේ” කියලා. එතුමා කිව්වා “ඒකට කමක් නැහැ, තමුසෙලාගේ තාත්තා මට කියලා තියෙන්නේ තමුසෙට හොඳට දඬුවම් කරන්ඩ කියලා” . . . . . . . . . . .ඒ වගේම තමයි පාසලේ ක්‍රීඩා තරග පැවැත්වෙන වෙලාවට, ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කරන්ඩ ළමයි පිටියට පැන්නොත්, එතුමා හයියෙන් කෑගහනවා “අයිසේ ගෙට් බැක් පස්සට” කියලා. නියමිත් වයස් සීමා වලට අයත් ළමයින් සොයා ගැනීමේදී එතුමා අහන්නේ ” අයිසේ, තමුසේ අන්ඩර් දාසයෙන් පහලද?” තමුසේ අන්ඩර් දාහතෙන් පහලද?” ආදී වශයෙන්. . . . . . . . එතුමාට දීර්ඝායුෂ ලැබේවා.
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment