ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම නමක් භාවිත කරන්නට ඇති අයිතිය, අභියෝග කල නොහැකි පරම අයිතිවාසිකමකි. සුද්දාගේ කාලයේදී, ග්‍රෙගරි යන නම ගිරිගොරිස් ලෙසත් හර්මන් යන නම හරමානිස් ලෙසත් මේරි මැගී සොපී ආදියත් භාවිත කල අපි, අදනම් කීයටවත් විලියම් ෆිලිප්ස් කැතරින් වැනි නම් අපේ ළමයින්ට නොයොදමු.
සිංහල ජනතාවට පුද්ගල නාම භාවිතය පිළිබඳව ලෝකයේ සමහර ජාතීන්ට මෙන් තහංචි නොමැති බැවින් හිතේ හැටියට නම් තබන බව රහසක් නොවේ. 19 වන සියවසේ අග භාගයේ සිට, සිංහල දරුවන්ට ඉතා අර්ථාන්විත සිංහල හෝ සංස්කෘත නම් යෙදීම ඇරඹුණි. මෑත කාලයේදී මා කල නිරීක්ෂණ වලදී අනාවරණය කරගත් කරුණු ඉතා කනගාටුදායක හා අවාසනාවන්ත බව නොකියාම බැරිය.
රුක්ෂාන්,රුක්ෂානි, දිල්ශාන්, දිල්ශානි, ෂෙහාන්, ෂෙහානි, ෂෙරොන්, රොෂාන්, වැනි නම් යෙදූ සිංහල දරුවන් කොපමණක් අද අපේ රටේ සිටිත්ද? මේ නම් සියල්ල මුස්ලිම් නම් බව මේ දරුවන්ගේ දෙමාපියෝ දනිත්ද? නොදන්නේමය. දිල්කි, ශෂී, රේවතී, වැනි නම් හින්දු නම් බව දන්නෙහිද? නොදන්නේමය. එසේනම් මෙවැනි විජාතික නම් යෙදීමට හේතුව කුමක්ද? මා විසින් සොයාගත් හේතු කීපයක් මෙසේය.
1. මෙම නම් උච්ඡාරණයේදී නැගෙන හඬට ඇති ආසාව නිසා.
2. දැන් පෙන්වන සීනිබෝල හින්දි චිත්‍රපටි වල එන චරිත සහ ආච්චි අම්මලාත් ‘දහඅටයි මාස අටයි’ පමණට තරුණ කරවන, තුට්ටු දෙකේ කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය චරිතද මෙවැනි නම් වලින් යුක්ත වීම.
මේ ටෙලි නාට්‍ය නිසා තමන්ගේ දරුවන්ගේ දරුවන්ටත් මුස්ලිම් හෝ හින්දු නම් තැබීමට උනන්දුවන, ඒ ටෙලිනාට්‍ය වල සිටින බහුබූත චරිත මෙන් අඳින පළඳින (කතා බහත් කරනවා හින්දි පුළුවන් වුනානම්) මැදි විය ඉක්මවූ සිංහල කාන්තාවන් මම දැක ඇත්තෙමි. කිසිදු මුස්ලිම් ජාතික පවුලක හෝ හින්දු පවුලක සඳුනී, සමන්මලී, විකුම්, අභීත, වැනි නම් යෙදූ දරුවෝ සිටිත්ද? අතීතයේදීත්, වර්තමානයේදීත්, අනාගතයේදීත් නැත්තේමය. ඉතින් දැන්වත් මේ පරගැති භාවයෙන් මිදෙන්නට අදහසක් නැද්ද? …..නැද්ද?…….නැද්ද?
No comments :
Post a Comment