හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 August 2015

අනේ දෙවියනේ මට වුන වියෝයා

බලමුකෝ ඒකෙත් හැටි.

අරෙහෙන් ඩයලොගා මෙහෙන් ටෙලිකොමා. 

ටෙලිකොමා මගේ වේගේ අඩාල කොරලා ය.

මම මේ මාසයට හිමි, ජී, චූ, නෑ නෑ 40 GB කාලා ඉවරලු ය. 

මට දීලා තියන මෙව්වා එක, නෝලිමිට් ද අන්ලිමිටඩ් ද මොකද්ද වුනාට දැන් එහෙම බැරිලුය. 40 පැන්න ගමන්, (වයස නෙවේ, GB ගාන) වේගේ කපනවාලුය.   
දැන් වේගය පැයට කිලෝමීටර් 64 ය. හුටා නෑ නෑ, 64 kbps ය.

512 ඉඳලා 64 ට අඩු කලාම, බොහොම සනීපය. 

ගූගලය එන්ඩත් විනාඩියකට වඩා ගන්නවාය.

බොලොග් වලට යනවා තියා හිතන්නවත් බැරිය.

ආයෙත් වේගය දෙන්නේ සැප්තැම්බර් පලමුවැනිදාටලු ය.

එතකල් මම විරව පට්ටං ගහගෙන ඉන්නවාලු ය.

සැප්තැම්බර් පලමුවෙනිදට පස්සේ බලමු ය. 

කොමෙන්ට් වලට උත්තර වෙන කොම්පියුටර් ඇන්ජිමකින් වත් දෙන්ඩ බලනවා ය. 

ලොගින්ද මොකද්ද එක කොරාගෙන, මේ ටික ලියාගන්න, විනාඩි 24 ක් ගියාලු ය.

ඔහොමය මෙහෙමය, ටටා ය! 




69 comments :

  1. GB 40ක්? තනියෙමද? වයසට නෙවෙයි තමයි වගේ වැඩ.. :p

    ReplyDelete
    Replies
    1. නෝටි ඇමෙරිකා ගිහිං.

      Delete
    2. වයසක මනුස්සයට අපහාස කොරනවා

      Delete
    3. මට පේන්නෙ විචාරක තුමා ‘සොයමි දකිමි අසමි‘ කොරංට ගිහිං ඩේටා ටිකට බඩු බනිස් වෙලා.

      Delete
    4. @කල්‍යාණ
      වයස බලලා වැඩකොරන්ද ගියොත් මොකක්වත් කොරගන්ඩ බැරිවෙනවාය. ඒ නිසා වයස නොසලකා වැඩ කිරීම යෙහෙකිය. :e

      @ මධු
      නෝටි ශ්‍රී ලංකා තියෙද්දී ආයේ මොකටද බොල ඇමරිකා?

      Delete
    5. @ නලින්
      අදනේ දන්නේ ඔබතුමා ඔච්චර වයසයි කියලා. :e

      Delete
  2. ඕකුන්ගෙ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඇඩ් වල කියන කතා නම් කොහොමද? ඒත් අන්තිමට වැඩේ වෙන්නෙ අන්තිම බාල්දු විදිහට. ඇග්‍රිමන්ට් එකක් කියලා එකක් දෙනවා. මෙලෝ යකෙකුට කියවන්න බෑ. චීනක්කන්නාඩියක් ඕනෙ ඒක බලන්න. ලංකාවෙ නීති හදන උන් නිදිද මන්දා.

    ReplyDelete
    Replies
    1. චැහ් … ඒ කියන්නෙ උඹත් 40 GB වලම බෑව එහෙනං ?? :D හැක්

      Delete
    2. ඕකනෙ කියන්නෙ වෑන්ක් පොයින්ට් වගේ කොට ඒවා බලන්න කියලා. කොහෙද ඉතිං.

      Delete
    3. මධුවත් එක්ස්පර්ට් කෙනෙක් එහෙනං ඈ

      Delete
    4. හපෝයි තොපි ඉන්න ලෝකෙකම ඉපදුනානෙ මමත්... අඩේ 40GB තියෙනවා නම් හොදයිනෙ. මට තියෙන්නෙ 5GB උපහාර එකක් බං. ඒක ඊට අන්තයි. මේ වෙනකොට පැමිණිලි 6ක් දාලා තියෙනවා. වැඩක් නෑ.

      Delete
    5. කොරන දේ මක්ක වුණත් උපරිම කැපවීමෙන් කරන පොරක්නෙ නලියයියෙ මම.

      Delete
    6. @ යශ්
      මම මේ කනෙක්ෂන් එක ගත්තේ 2009 දී. අද මේක කාටවත් දෙන්නේ නැහැ. මේක ගතතටට පස්සේ පළමුවෙනි වතාවටයි මෙහෙම දෙයක් වුනේ. ඇහුවම කියනවා මෑතකදී ගත්ත තීරණයක්ලු. මම ඇහුව ඇයි ඒ බව පාරිභෝගිකයන්ට නොකිව්වේ කියලා උන්ගේ සයිට් එකේ දැම්මලු. අනේ අනේ නන්නානේ

      @ මධු
      හෑ............වෑන්ක් පොයින්ට් නේද? හ්ම්............කලින් අහලා නෑ. බලමුකෝ.................

      Delete
  3. හොරේ අහුවුණා. විචාරක එහෙනම්, මේ පැය ගණන් කොම්පියුටරේ ඉස්සරහා ඉඳන් කරන්නේ රෙදි වනන එක නේද?

    ReplyDelete
    Replies
    1. රෙදි වනලා කෝච්චි නවත්තන්ඩයැ. මම රෙදි වේලනවා. :e

      Delete
  4. මටත් කියන්න තියෙන්න ඕනවට වඩා රෙදි වන්න යන්න එපා, අවශ්‍ය දේවල් වලට බයිට් ඉතුරු කොරගන්න මාමේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බෑණෝ, වනන්න රෙද්දක් ඉතුරුවෙලා තියෙන්න එපායැ.

      Delete
  5. අප්පටසිරි විචාරක තුමෝ 512 වේගයෙන් 40 GB මාසයක් යන්නකලින් ඉවරකරගත්තෙ මොනව කරලද අප්පා.....මගෙත් සමහර දාට ඔහොම වෙනවා (ලන්කාවෙදි නෙවෙයි ) හැබයි මටනම් අඩුවෙන්නෙ 64 වලටනෙම්යි 128 වලට ඒකත් හවස 6 න් පස්සෙ තමා. ඒ කාලෙට 6 න් පස්සෙ ඉන්ටෙර්නෙට් යනවට වඩා හොදයි 6 විතර ඉදන් උදේ වෙනකන් බුදියගන්න එක.මොකද ඒකාලෙට අපේ මූලික අවශ්ෂ‍යතාවයක් වන FB එකටවත් යන්න බෑ නෙ e: .මම හිතුවෙ ලන්කාවෙ ඔයිට වැඩිය පාරිබෝගිකයට පහසුකම් සලකනව ඇතිකියලා නෙ.බලන් ගිහාම ඔයිට වැඩිය මෙහෙ හොදයි නොවැ....

    ReplyDelete
    Replies
    1. මම විශාල වශයෙන් බටහිර චිත්‍රපටි සහ මගේ ලිපි සඳහා අවශ්‍ය වාර්තා චිත්‍රපටි, ටොරන්ට් මගින් බානවා. මම කැමති නැහැ ඇඩ් බල බල චිත්‍රපටි බලන්න. ඊට අමතරව මගේ ලිපි සඳහා යූ ටියුබ් වීඩියෝ බානවා.

      අන්තර්ජාල පහසුකම අඟහරු ලෝකෙන් ආව මැජික් එකක් කියලා පාරිභෝගිකයන්ට පෙන්වන එකම රට සිලි ලංකාව වෙන්න ඇති.

      Delete
  6. දෙතුන් පාරක් ම මට ඇතිවුණු ප්‍රශ්නයක්.
    ඇයි විචාරකටම මේ අකරතැබ්බ වෙන්නේ?
    ඩයලොග්, ටෙලිකොම්, ඉන්ෂුවරන්ස්, ලාග්ගෝ, අරවා, මේවා!!!

    ReplyDelete
    Replies
    1. කාටත් එහෙමයි.
      නමුත් රටේ සාමාන්‍ය තත්වය ඕක. ඒනිසා අනිත් අය ගණන් ගන්නැහැ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කාටත් එහෙමයි. මටත් එහෙමයි. අපි ගණන් නොගත්තා නෙවෙයි, කාගෙන හිටියා. විචාරක තුමාට විතරයි මෙහෙම ලියන්න දහිරියක් තිබුණේ.

      Delete
    4. @ රසික
      ටිකක් හිතල බලන්න. මේ ලෝකයේ මේවගේ දේවල් වෙන එකම මිනිහා මමද එහෙම නැත්නම් මෙවැනි දේවල් ප්‍රසිධියේ කියන මිනිසුන් අතරින් එක්කෙනෙක්ද.

      තවත් උත්තරයක් තියනවා. පූර්වාත්මභාවයකදී කරන ලද්දාවූ අකුසල කර්ම පලදීමක්.

      @ malmi hi සහ ගුණසිංහ මහතා

      ඇත්තටම මේවා දවසකට කීප දෙනෙකුට වෙන දේවල්. අපි මෙහෙම ප්‍රිද්ධියේ කියන්නේ කාටහරි මේවා දැනගෙන අපිට වැරදුන තැන් හදාගන්නයි.

      Delete
    5. හරියටම හරි නේද විචා මාමේ? ඔය ඩයලොගායි ටෙලිකොමායි දෙන්නම එකයි. බැලුවෙ නැද්ද අර සුලා කියන කෙනා දාලා තිබුන ටෙලිකොමාගේ අවනඩුවක්. මටත් ඒවගේම එකක් වෙලා ඒකෙම කොමෙන්ට් එකක් දැම්මා. මේවා අරන් අපි නිකං ගොනා වෙනව ද මන්දා.

      Delete
    6. මුන් ඔක්කොම කයිය ගහන්නේ පාරිභෝගිකයා රවට්ටගන්න විටරයි. උන්ගේ ගාන හම්බවෙනවානම් එච්චරයි.

      Delete
  7. රුපියල් 1600ක් ගෙවන unlimited එකේ වාසිය තමයි දවසේ ඕනෑම වෙලාවක වැ ඩි මුදලක් ගෙව්මේ හිතේ කරදරයකින් තොරව internet එක පාවිච්චි කරන පුළුවන් විම . එක නැති ඉස්සර කාලේ මම රැ 12.00 අවදි වෙලා අඩු වියදමින් internet යන්න හදපු හැටි තාම මතකයි. g.b 40ක් හැම මාසය කදිම කොම්පුටරය තුලට ඔබන්න එකේ ඉඩ හදා ගන්නෙ කොහොමද කියල කියල දෙනවද?
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නෙත් ඒ 1600 අසීමිත පැකේජය තමා. නමුත් දැන් ටෙලිකොම් එකෙන් හොරෙන්ම 40GB කියල සීමාවක් දාගෙන.

      මම බොහෝදුරට බාන්නේ බටහිර චිත්‍රපටි. ඒවායින් බොහොමයක් බලලා මකා දානවා. ඒ නිසා හාඩ් ඩිස්ක් එක පිරෙන්නේ නැහැ. 500GB හාඩ් ඩිස්ක් එකක් තියෙන්නේ. එය හොඳටම ඇති. මම කැමති නැහැ ඇඩ් සමග චිත්‍රපටි බලන්න. ඊට අමතරව මගේ බ්ලොග් ලිපි සඳහා අවශ්‍ය වාර්තා චිත්‍රපටි සහ යූ ටියුබ් වීඩියෝ බාගෙන, ලිපිය ලිවීමෙන් පසු මකා දමනවා.

      Delete
  8. 27 ජීබී වෙනකං ගිහිං තියෙනවා වැඩිම. මට පේන්නෙ විචාරකතුමා වෙන මොකුත් කරන්නෙම නෑ වගේ.

    මිත්‍රවරුනි, යහපාලනය යටතේ 2021 ට පෙර සෑම නිවසටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපි කටයුතු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න මධු මම මෙතනම ඉහලින් සමරසේකර මහත්තයට දීලා තිය උත්තරේ කියලා තියනවා මම බාන දේවල්.

      2021 වෙනකල් ඉඳලා හිටං බලමුකෝ එහෙනං :e

      Delete
  9. 40GB ක් ඉවර කරා ,ටෙලිකොම් එකෙන් දුන්න student package එක ගත්තා කාලෙකට කලින්,අර නොමිලේ දුන්නු වයිෆයි කාලපයක් නැතිද ගෙවල් ලග ... :P

    ReplyDelete
    Replies
    1. මේ පැකේජ් එකේ මීට කලින් කවදාවත් මෙහෙම සීමා දාලා තිබුනේ නැහැ. මාසෙකට 1600 ක් ගෙවලා තව සීමා දාන්ඩත් එන එක තමයි කතා.

      වයි නෑ අනික් එව්වා තියනවා ගෙවල් ළඟ :e

      Delete
  10. අන්ලිමිටඩ් කියා දුන්නානං ඒකෙ ලිිමිට් එකක් තියෙන්න බැරිය. කාලෙකට කලින් ගත් ඒවා මිසක දැන් අන්ලිමිටඩ් කියා දෙන්නෙ FUP ලිමිට් එකෙන් පසු වේගය අඩාල කරන ඒවාය. අනික 512 වේගය හොඳටම මදිය.

    මමනං අරන් තියෙන ඩයලොග් වයිමැක්ස් එක 512 තිබිල දැනට අවුරුදු දෙකකට විතර උඩදි 1024 වෙනකල් ස්පීඩ් වැඩි කළා. 1900 ට ඕනතරං යූස් කරන්න දෙනව ස්පීඩ් ලිමිට් නැතුව. ඒ කාලෙ ගත්ත හින්ද මිසක් දැන්නං ඒකත් අන්ලිමිටඩ් දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් මේ 1600 පැකේජයෙන් ඔය 1900 පැකේජයට මාරුවෙන්න බලනකොට ඒක අත්හිටවලා. දැනට හෙවි යූසර්ස් කියන අයට ගලෙන හොඳම පැකේජ් දෙකක් තමා මේවා. 512 මදි තමා. මුන්ට ඕනේ සල්ලිනෙ.

      Delete
  11. 1600 ගානේ ගෙවන unlimited එක ගන්ට විචාරකයෝ.

    මොකක්ද මේ කට්ටිය කියන රෙදි වනන කතාව? :O

    ReplyDelete
    Replies
    1. ඒකක් තමා පොඩ්ඩි අරන් තියෙන්නේ. 2009 දී ගත්තේ. මුන් දැන් එනවා සීමා දාන්ඩ. දෙන්ඩ හිතෙනවා...............

      රෙදි වන්නේ නැත්තං කන්ඩද? :e හැබෑටම කවුද ඔය ප්‍රහ්නේ අහන්ඩ කියපු එකා. දමලා අනිනවා.........

      Delete
  12. 40GB මාසෙට!
    කෝ මේ විචාගෙ බෑනාවරු ටික? ඉවාන්, පත්තරේ........ මාමණ්ඩි නරක් වෙලා නැති වෙන්නම?

    ReplyDelete
    Replies
    1. "කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
      සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ"

      Delete
    2. පිස්සුද රාජ්. පොඩ්ඩක්වත් නරක් වෙලා නැහැ තවම හොඳට තියනවා.

      හපෝ සින්දුවෝ ඔය නාකිච්චියෝ වැඩක් නෑ. මෙන්න මේ වීඩියෝ එකේ පලවෙනි විනාඩිය බලපන් ශෘංගාරය වෑහෙන හැටි. අපි බලන්නේ ඔව්වා.

      https://www.youtube.com/watch?v=oeQGqEQq9qw

      Delete
    3. අනේ ඔය ඉන්දියන්කාරයින්ගෙ මහලොකු සුංගාරෙ අපි නොදන්නවෑ විචාරකතුමා.

      Delete
  13. මගේ හොද මාමණ්ඩිට සනි ලියොන්ගේ සරණයි

    ReplyDelete
    Replies
    1. "මාමණ්ඩිත් හොඳ මිනිහෙක් බෝධිසත්වයෙක් වාගෙයි
      ඒකයි මට කණගාටූ"

      Delete
    2. මෙතනට අදාළ කමෙන්ට් එක තමයි ඔය ඉහලින් තියෙන්නේ.

      Delete
  14. පව් මයේ මාමාට... බුලු පිල්ම්ම ජීබී 40 ක්.. පව්

    ReplyDelete
    Replies
    1. ඊරිසියා කොරන්න එපා බං. මාම උපදෙස් ගත්තෙ අපේ වෙනී වැල් අයියගෙන් ලු.

      Delete
    2. බුළු කියලා හිතුවට සමහර ඒවා අරළු බං.

      වෙනියා දන්න බුළු අනේ අනේ නන්නානේ

      Delete
  15. සිරාවට සර් වැල බලලත් 40gb කන්න නම් බැරිය

    ReplyDelete
    Replies
    1. මදි මදි පළපුරුද්ද හොඳටම මදි.

      Delete
  16. 40 GB, මාසෙට????
    අනේ අහිංසක විචාරක හාමිනේ.....!!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කිසිම සපෝට් එකක් නෑ අනේ. තනියම තමයි ඔක්කොම

      Delete
    2. සියල්ල කෙරෙන්නේ අතිනි වගේ කතාවක් නෙව මේක.. හැක්

      Delete
  17. මගේ 40GB ඉවර උනේ 24 වෙනි සදුදා දිනයෙදීය....!! දැනට දුවන්නේ අමතර GB වලින්ය.
    ඔහැක්...@

    ReplyDelete
    Replies
    1. විදානේ......................මෙහෙ වරෝ....................මෙන්න බලපන් දොඩන් ගෙඩි තුනක් තරම් උස නැති මේකා බාන බෑවිල්ල.

      Delete
  18. දැන් ඉතින් කොටුව ස්ටේශන් එකට ගිහින් ෆ්‍රී වයිෆයි අරන් තමයි ඉතුරු දවස් දෙක දුවන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද.......... චූටි දුවගේ ඩොන්ගලේ ඉල්ලගත්තා. ඒකෙන් තමා මේ දවස්ටික දුවන්නේ.

      Delete
  19. උඹලට ඕනනම් මාව මරලා දාපල්ලා ඒත් කුඩාකල පටන් ඉතා අමිරුවෙන් ගොඩනඟාගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා!!

    ReplyDelete
    Replies
    1. එදා එතුමා එදා හිතෙන් කියන්න ඇත්තේ, චරිතෙට ගහපල්ලා, මම ඒක අලුත්වැඩියා කරගන්නම්. නමුත් මාව මරන්න එපා කියලා වෙන්න ඇති. :e

      Delete
  20. තමන්ගේ GB ටික manage කරගත්තා නම් දවස් 30ට හරියන්න, ඒක තමා හොඳම දේ.
    පියවර:
    1. මේ ලින්ක් එකෙන් Usage meter එක check කරගන්න තැනට යන්න...

    2. Register Now ක්ලික් කරන්න.

    3. දීලා තියෙන විස්තර ටික පුරවන්න. Email address එක තමන්ගේ authenticate mail එක විදිහට වැඩියෙන්ම භාවිතා කරන එක දෙන්න...passwd එක ටිකක් complex එකක් දෙන්න. (letters, symbols, numeric ඔක්කොම එක්ක)

    4. Register මත ක්ලික් කරන්න. එතකොට තමන් දීපු ඊමේල් එකට authentication mail එකක් ගිහින් තියේවි. ඒ ලින්ක් එක ක්ලික් කරලා login එක activate කරගන්න.

    5. ඊට පස්සේ අපේ Total capacity එකයි, Remaining capacity එකයි, Peak and Off-peak වල දැනට ඉතුරු වෙලා තියෙන capacity එකයි අපිට ඕන වෙලාවක බලාගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක publish වෙලා නෑනේ. ආයෙත් දාමු බලන්න...

      www.internetvas.slt.lk/SLTVasPortal-war/login/login.jsp


      www(dot)internetvas(dot)slt(dot)lk(dot)SLTVasPortal-war/login/login(dot)jsp

      Delete
    2. බොහොම ස්තුතියි මේ වටිනා උපදේශයට. නමුත් මට තියන ගැටළු මේවායි. මේ පැකේජයට අදාලව Peak and Off-peak කියලා දෙයක් නැහැ. පැය 24 පුරා 512 Kbps වේගයෙන් ඕනෑතරම් බාන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා තමා මේ 40 GB සීමාව දාලා තියෙන්නේ. ඔබ කියන විදිහට ලියාපදිංචි වෙලා Usage meter එක බලන්නම්.ඉස්සරනම් ඔහොම ලියාපදිංචියක් තිබුනේ නැහැ.

      Delete
  21. Appatabola. Deta iwara unayin passe spead adukaranawa? Okunta hena gahanta epey.. Mama pay as you go sim ekakata gbp 15/- gewanaqa. Net unlimited. Yako lankawe hema ballama kapanawa erenta wedipura deyak dennema ne wage.. Hayyo salli .. :(

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්නද ටික්කො මුන්ට සමන්වා ඊ මේලයක් යැව්වා. උත්තර එවන එකක් නැහැ. :e

      Delete
  22. ටෙලිකොම් එකටයි ඩයලොග් එකටයි ක්ලොමෝ දෙකක් සැට් කරමු

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මෙන්ඩෝ. කූඹි මරන්න මොකටද කුළුගෙඩි වලින් ගහන්නේ. :e

      Delete
    2. ඩයලොග් කියන්නෙ අසිමිත ලාභ ලබන ආයතනයක්..මේ වගේ හොර වැඩ වුන්ට පොඩි දේවල්..
      අත්දැකිමෙන් වගකිම් කියන්නෙ

      Delete
    3. ටෙලිකොම් එක දැන් ජනතා සේවයෙන් ඉවත්වෙලා ලාභ ලබන ආයතනයක් බවට පත්වෙලා. පාරිභෝගිකයාට දෙන සේවය නෙවෙයි ලාභය තමා ඔවුන්ට වැදගත්.

      Delete
  23. මේක මෙහෙම කතා කරකර ඉඳලා හරියන්නේ නැතිය. 1600 නම් අන්ලිමිටඩ් නම් දමමු නඩුවක්........... ඕනෙනම් ගොඩ පෙරකොදෝරුවෙක් සැට් කොරලා දෙන්න අහැකිය...........

    ReplyDelete
    Replies
    1. බණ්ඩාට මතකද කාලෙකට උඩදී මේ හෝම් අන්ලිමිටඩ් පැකේජ් එක පාවිච්චි කරන අය සූදානම් වුනා ටෙලිකොම් එකට විරෝධය පෑමේ අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරන්න. නමුත් ඒකට මොකක් වුනාද දන්නේ නැහැ.

      Delete
  24. යකඩෝ....40ක් කෑවේ කොහොමෙයි.....

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }